• Adaraneeya Lokanatha - ආදරණීය ලෝකනාථා

"නන්නු මට බල කර සිටිනවා ඔහු සමග විවහ වෙන්ටයා කියා..."


"ඉතිං..?"


"ඉතිං කියන්නේ...? මට බැහැ... මට බැහැ ඔහු සමග විවහ වෙන්ට... මගේ සිත ඔඅබට විතරමයි ජයබාහු අය්යණ්ඩී.. ඒ නිසා වීදාගම නොගොස් නවතින්ට.."


අගේ ඇස් කතා කළා ය. ඒ ඇස්වලින් ආදරය ගලාඅ හැලෙන්නට විය. මට ඒ ස්නේහසේ සුවඳ දැනුණි. ඈ අසලින් අසුන් ගත මම ඇගේ සුවඳ වින්දෙමි. සිත පුරා වින්දෙමි. මගේ නාස් පුඩුවලින් ගලා ගිය සුසුම් ධාරාව ඇගේ කම්මුලට වැදුණි. තිගැස්සුණු ඈ නැගිට අසල  පිහිටි ඇහැළ ගස පාමුලට ගියා ය.


ඇහැළ ගස මලින් පිරී තිබුණි. ගස වසා ගත්  කසාවතක් බඳු මල්කැන් ලෝකනාථාගේ හිස අස දග කරන්නට විය. අවරෙහි ගිලෙන මළ හිරු  රැසින්  ගලා ආ පඬු පැහැ  එළිය ලෝකනාතාගේ මුහුණට වැටී දිළිසුණි. මම ඒ දෙස බලා සිටියෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha